ලොවෙ බිහිවන අලුත් අලුත් තාක්ෂණික දේවල් පිළිබඳ සිංහළ බසින් කියැවීමට කැමැති ඔබ හට යි මේ ඇරැයුම.

Saturday, March 27, 2010

SAM ගොනුව හෙවත් Security Accounts Manager file යනු ඔබගේ පරිගණකයට අදාළ සියලුම පරිශීලක නාම(user name) සහ මුර පද(password) රඳවා ඇති ගොනුව යි. "C:WINDOWS/System32/Config" යන ස්ථානයට ගොස් බැලුවහොත් ඔබට SAM යනු වෙන් ගොනුවක් තිබෙනු දැක ගත හැකි වනු ඇත. ඔබ මෙය විවුර්ත කිරීමට හෝ පිටපත් කිරීමට ගිය හොත් එයට ඉඩ ලබා නො දෙන බව දැක ගත හැකි ය.එයට හේතුව එය මෙහෙයුම් පද්ධතිය විසින් භාවිතා කරනු ලැබීමයි. නමුත් මෙය විවුර්ත කර බැලීමට ක්‍රම කිහිපයක් ම ඇත. කෙසේ හෝ එය විවුර්ත කර බැලුවත් එහි ඇත්තේ එන්ක්‍රිප්ට් කරන ලද ප‍රිශිලක නාම සහ මුර පද ය, එනම් බැලූ බැල්මට කියවා තේරුම් ගත නො හැකි වන පරිදි වෙනස් කළ ප‍රිශිලක නාම සහ මුර පද ය. නමුත් එය ද ඩීක්‍රිප්ට් කර කිය විය හැකි තත්ත්වයට පත් කිරීමට විවිධ මෙවලම් ඇත.

Monday, February 15, 2010

ලොව විවිධ සමාගම් විසින් මෙතෙක් නිපදවා ඇති ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති ගණන අති මහත්ය. ඒවා අත‍්රින් iphone OS, Android Symbian හා Windows Mobile වැනි මෙහෙයුම් පද්ධති ප්‍රමුක තැනක් ගනී. පසුගිය වස‍රේ samsung සමාගම මෙම ලැයිස්තුවට තවත් නමක් එක් කළේය. ඒ samsung BADA(බඩා) ය. ඔවුන් පවසන අන්දනමට මෙය තවත් එක් ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියක් නොවේ. එය ඉතා ත‍රගකාරී ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියකි.
samsung සමාගම මෙම මෙහෙයුම් පද්ධතිය ඇතුලත් ප්‍රතම ජංගම දුරකතනය පසුගිය සතියේ නිවේදනය කළේය. ඒ Samsung S8500 Wave ය. මෙය සතුව ඉතා ප්‍රබල ARM Cortex A8 1GHz processor යක් ඇත. එමෙන්ම එහි රැම් මතකය 256MB වන අත‍ර 8GB මතකයක් සහිතය. එමෙන්ම S8500 Wave හට 5MP කැම‍රාවක් ඇත. එය Geo-tagging, face, smile and blink detection වැනි විශේෂ පසහසුකම් රැසකින් සමන්විත වේ.
DNS යන නමින් හදුන්වන Digital Natural Sound Engine තාක්ෂනය මෙහි ඇති තවත් විශෙෂත්වයකි. මෙමගින් අති සුපැහැදිලි ශබ්ද ලබා දෙන අත‍ර මෙම තාක්ෂනය වෙනුවෙන් පේටන්ට් බලපප්‍රය samsung සමාගමට අයත් වේ. තවද TouchWiz යනු omnia,jet වැනි බොහෝමයක් samsung දුරකතන වල ඇති interface එකයි. මෙය සම්මානයට පවා පාත්‍ර වී ඇති අත‍ර S8500 Wave හි ඇත්තේ මෙහි තෙවන සංස්ක‍්රනයයි.







Samsung S8500 Wave හි පහසුකම්

Super AMOLED capacitive touchscreen; 480 x 800 pixels

Accelerometer sensor

Smart unlock

TouchWiz UI 3.0

Digital Natural Sound Engine sound technology

8GB internal memory and supports up to 32GB memory cards

7.2MBP/s HSDPA

wi-fi and bluetooth

5 MP camera with LED flash

Geo-tagging, face, smile and blink detection

Bada OS

Xvid/DivX/MP4/H.263/H.264 player

බඩා ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතියේ අතුරුමුහුනත

http://cdn.erictric.com/wp-content/uploads/2009/12/Samsung-Bada-UI-1.jpg

http://gadgetsteria.com/wp-content/uploads/2009/11/bada.jpg

http://www.scarzee.com/images/news/image/contents/61_samsung_bada_os_screenshot_7.jpg

Thursday, February 11, 2010


ගූගල් සමාගමේ නවතම එළිදැක්වීම වන මෙය හැඳින්වෙන්නේ 'Liquid Galaxy' යන නමිනි. මෙය ගූගල් අර්ත් හි ඉදිරි පිම්මක් ලෙස ද හැඳින්විය හැකි ය.මෙහි මූලිකවම දැකිය හැකි වන්නේ රවුමට තැබු විශාල පැතලි තිර 8 කි. මේ ආකාරයට තිර වලින් වට වී ඇති ප්‍රදේශයට ඇතුළු වන ඔබට මුළු ලෝකය ම අල්ලේ නැට වීමට හැකිය. එනම් එහි තිබෙනා ත්‍රිමාන මවුසයක් ආධාරයෙන් තම සිතැඟි පරිදි ලෝකයේ ඕනෑ ම තැනක් ගවේෂණය කීරීමට අවස්ථාව ලබා දී තිබීමයි.

Monday, February 8, 2010


SSC Ultimate Aero


ගිනස් වර්තා වලට අනූව දෑනට ලොව වේගවත්ම කාරය වන්නේ SSc Ultimate Aero මොටර් රයයි. මෙහි දෑක්වෙන පරිදි වේගය පෑ.කි.413ක් වේ. මෙය නිපදවා ඈත්තේ ලොව සුපතල Shelby Super Car ආයතනය මගිනි.. එහි විස්තර

එන්ජිම : සුපර් චාජරයෙන් පනගන්වන ලද ලීටර 6.35හේ එන්ජිම

උපරිම වේගය : පෑ.කි. 413

අශ්ව බල ගනන: 1183

ගිය‍ර් පද්ධතිය :වේග හයේ පෙළගස්වන ලද(එක දිගට වැඩි වන) ගියර් පද්ධතිය

0-100 දක්වා වේගය වැඩිවීමට ගතවන කාලය:තත් 2.7



Friday, February 5, 2010


මෙ වර සීත ඔලිම්පික් උළෙල නැරඹීමට පැමිණෙන අයට අමුතුම ආකාරයේ අත් දැකීමක් විඳ ගැනීමට හැකි ය. එනම් කැනේඩියානු සමාගමක් විසින් නිපදවා තිබෙන මනසේ සිතිවිලි වලින් පාලිත අලෝක කරණ පද්ධතිය යි. පැමිණෙන ප්‍රේක්ෂකයනට ද මෙය තම තමන්ගේ සිතිවිලි තරංග මගින් පාලනය කර බැලීමට ද ඉඩ ලබා දී ඇති අතර මේ ආකාරයට අලෝක මත් වනුයේ කැනඩාවේ පිහිටි ටොරන්ටොහි සීඑන් කුළුණ,ඔටාවාහි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හා නයගරා දිය ඇල්ල යි.
හිසට පළඳින හෙඩ්සෙට් එකක් ආධාරයෙන් තමාගේ සිතිවිලි වලට අනුව ආලෝකය පාලනය කළ හැකි බව සමාගම පවසයි.
මෙය වේගයෙන් දියුණුවෙමින් පවතින අංශයක් වන අතර අනාගත ලෝකයේ මෙ වැනි මනසේ සිතිවිලි තරංග මගින් ක්‍රියා කරන උපකරණ බහුල ව දැක ගත හැකි වනු ඇත.




video

Wednesday, February 3, 2010

Nokia N900 යනු ඉතා මෑතකදී Nokia සමාගම විසින් නිකුත් ක‍රන ලද අලුත්ම ජංගම දුරකතනයකි. මේවනවිටත් මෙය අපේ රටේ වෙළදපොලට නිකුත් ක‍ර ඇත. Nokia N900 යනු Apple iphone ට සමාන පෙනුමකින් යුත් දුරකතනයකි. එයට Full touch screen ඇති අත‍ර slider වර්ගයේ QWERTY key pad එකකින්ද සමන්විතය. Nokia N900 හට නවීන පන්නයේ ජංගම දුරකතනයක ඇති සියලුම පාහේ පහසුකම් අඩංගුය. 5MP camera, GPS, Accelerometer sensor,GPS ඉන් කිහිපයකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ එයට 32GB අභ්‍යන්තර මතකයක් සහිත වීමයි. එමෙන්ම ඔබට එය memory card භාවිතයෙන් තව දුරටත් වැඩි කල හැක.

Nokia N900




නමුත් මා දකිනා ආකාරයට මෙහි ඇති සුවිශේෂිම ලක්ෂනය වන්නේ එහි මෙහෙයුම් පද්ධතියයි. එය Maemo 5 ලෙස නම් ක‍ර ඇති අත‍ර එය Symbian මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්ක‍රනයයි. මෙම Maemo 5 මෙහෙයුම් පද්ධතිය නවීනතම පහසුකම් රැසකින් සමන්විත වන අත‍ර iphone හා Android මෙහෙයුම් පද්ධති වලට නොදෙවනි අයුරින් නිපදවා තිබේ. Nokia N900 හට අගල් 3.5 ක touch screen එකක් ඇත. නමුත් අවාසනවකට මෙය resistive වර්ගයේ එකකි. එනම් මෙහි multi-touch පහසුකම නොමැත. ඒ වෙනුවට ඇගිල්ලෙන් සුළියක් මෙන් ඇදීමෙන් ඔබට web pages ආදිය zoom කල හැක.

Nokia N900 හි පහසුකම් සංශිප්තය පහත දැක්වේ.

ARM Cortex A8 600 MHz ප්‍රොසෙසරය
PowerVR SGX graphics චිපය
3.5 mm audio jack
32GB මතකය
wi-fi/bluetooth
848 x 480 resolution 25fps වීඩියො පටිගත කිරීම.
Stereo FM radio
FM transmitter
GPS
Adobe Flash Player 9.4
MP3/WMA/WAV/eAAC+ music player
WMV/RealVideo/MP4/AVI/XviD/DivX video player

Nokia N900

Friday, January 29, 2010



ඉතා වෙග්යෙන් දියුනු වන තාක්ශනික මෙවලම් අතරට අලුතින්ම එකතු වූ ඈපල් අයි පෑඩය ලොව පරිගනක ක්‍රීඩා අතර මුල්තෑන ගනිමින් පවතී...
මෙය අගල් 9.7 ක ටබ්ලට් පී.සී. තිරයකින් සමන්විත වන අතර ඈපල් සමාගමටම ආවෙනික ටච් පෑඩ් ක්‍රමයෙන්සමන්විත වෙ.
මෙය නවතම තාක්ශනික උපාන්ග වලින් සමන්විත වන අතර තවමත් දියුනු වෙමින් පවතින අතර නවතම තොරතුරු ඉදිරියෙදි බලාපොරොත්තුවන්න.